දැන් අපි උදාහරණයක් විදියට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන බලමු. ආර්ඩුයිනෝ IDE එකේ උදාහරණ වල තියෙන Blink sketch එක ඕපන් කරගන්න. එය ඔබට ප්‍රධාන මෙනු එකේ File > Example > Basic > Blink වෙත පිවිසීමෙන් සිදු කර ගත හැකියි.
දැන් ඔබගේ ආර්ඩුයිනෝ බොර්ඩ් එක ඔබගේ පරිගණකයට සම්බන්ධ කරන්න.
ඊට පසු අපි භාවිතා කරන බොර්ඩ් එක තේරිය යුතු වේ. ඒ සදහා ප්‍රධාන මෙනුවේ Tools > Board පිවිසීමෙන් සිදු කර ගත හැකිය. ඇපි මෙහිදී ආර්ඩුයිනෝ උනෝ බෝර්ඩ් එකක් භවිතා කරන නිසා එක තෝරන ආකාරය පහත රූපයේ දැක්වේ,
ඉන්පසු අදාල Serial port එක සිලෙක්ට් කර ගන්න අවශ්‍ය වන අතර ඒ සදහා පහත දැක්වෙන ආකාරයට ක්‍රියා කරන්න. එහිදී ඔබ ඔබගේ ආර්ඩුයිනෝ බෝර්ඩ් එක පරිගණකයට සම්බන්ධ කර ඇති USB port එකට අදාල Com port එක දැක්වේ. එය තෝරන්න.
දැන් ඔබ open කරගත් Sketch එක toolbar එකේ ඇති “Verify” button එක ක්ලික් කරන්න
දැන් ඔබට ඔබගේ ප්‍රෝග්‍රෑම් එක compile වෙන ආකාරය දැකගන්න පුළුවන්.
ටික වෙලාවකින් ඔබගේ ප්‍රෝග්‍රෑම් එක compile වෙලා අවසන් වේවි. ඒ බව පහත ආකාරයට දැකගන්න පුළුවන්. එහි code size එක සහ භාවිතා වුණ storage එක % එකක් ලෙස දැකගන්න පුළුවන්.
ප්‍රෝග්‍රෑම් එකක් code කිරීමෙන් පස්සේ එහි සින්ටැක්ස් දෝෂ නොමැති නම් ඔබගේ ප්‍රෝග්‍රෑම් එක බෝර්ඩ් එකට අප්ලෝඩ් කරන්න පුලුවන්. සින්ටැක්ස් දෝෂ පවතී නම් ඒ බව දෝෂ පණිවිඩයක් මගින් පෙන්නුම් කරයි.
දැන් toolbar එකේ “Upload” බටන් එක ක්ලික් කර ප්‍රෝග්‍රෑම් එක බෝර්ඩ් එකට අප්ලෝඩ් කරගන්න පුලුවන්.
Code එක අප්ලෝඩ් වෙන ආකාරය පහත දැකගන්න පුළුවන්.
ටික වෙලාවකින් code එක අප්ලෝඩ් වෙලා අවසන් වේවි. එය පහත ආකාරයට දැකගන්න පුළුවන්.
අදාළ කේත අප්ලෝඩ් කිරීමෙන් පසු ඔබට ආර්ඩුයිනෝ බෝර්ඩ් එකේ LED L ලෙස සදහන් කර ඇති LED බල්බ් එක Blink වෙනවා දැකගත හැකියි.
දැන් අපි අපේ පළමු පියවර අවසන්. ඔබ පළමු පාඩම සාර්ථක ලෙස නිම කරන්න ඇති යැයි සිතමි. දැන් අපි එකින් එක පියවරෙන් පියවර ඉදිරියට නව ව්‍යාපෘති අත්හදා බලමින් ඉදිරියට යමු. එමගින් ඔබට ආර්ඩුයිනෝ කේතකරණය සහ ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට අවකාශය ලැබේ.
ක්‍රියාකාරකම් |
|