ආර්ඩුයිනෝ බෝර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වේ. ඒ වගේම අපිට එයට පරිගණකයේ මෙන් ආදාන(Input) ලබා දෙන්නත් ප්‍රතිදාන(Output) ලබාගන්න හැකියාව පවතී.ආර්ඩුයිනෝ බෝර්ඩ් එකක් සමග සංවේදක(Sensor) භාවිතා කර අපිට LED කන්ට්‍රොල් කිරීම. මෝටර් කන්ට්‍රොල් කිරීම. නිවාස ස්වයංක්‍රීයකරණය, IOT ව්‍යාපෘති, රොබෝ ව්‍යාපෘති වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තිබේ. අපි නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රෝග්‍රෑම් මගින් ආර්ඩුයිනෝ බෝර්ඩ් හැසිරවීම සිදු කරන්න පුළුවන්.
arduino.cc වෙබ් අඩවියට පිවිසුනහොත් දැනට, ආර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග ගොඩක් දැකගන්න පුළුවන්. (දෘඩාංගවල වෙනස්කම් නිසා ඇතැම් පුවරු සම්පූර්ණයෙන්ම අනුකූල නොවේ) දැනට ජනප්‍රියම බෝර්ඩ් වර්ග කිහිපයක් අපි ඔබට පහත දක්වා තිබේ.
![]() මෙය ATmega328 චිපය මත පදනම් වූ 8-bit මයික්‍රොකොන්ට්‍රෝලර් පුවරුවකි. එහි ඩිජිටල් ආදාන / ප්‍රතිදාන පින් 14 ක් ඇත. පුවරුවේ යළි පිහිටුවීමේ බොත්තමක්(reset) ක්ෂුද්‍ර පාලකයට සහාය වීමට අවශ්‍ය සියල්ල එහි අඩංගු වේ. ආරම්භ කිරීම සඳහා ඔබ කළ යුත්තේ එය USB කේබලයක් මගින් පරිගණකයකට සම්බන්ධ කිරීම හෝ පවර් ජැක් මගින් බැටරියක් සම්බන්ධ කිරීම පමණි. |
|
![]() ARDUINO MICRO යම් කුඩා ව්‍යාපෘතියක් කරන්නේ නම් ඒ සදහා මෙම බෝර්ඩ් එක වඩාත් ගැලපේ. මිලෙන් තරමක් වැඩිය. මෙය ප්‍රමාණයෙන් කුඩා නිසා ඔබට එය පහසුවෙන් ඔබගේ ව්‍යාපෘතිය ඇතුළත් කළ හැකිය. |
![]() ARDUINO NANO මෙයත් ප්‍රමාණයෙන් කුඩා බෝර්ඩ් එකකි. මිලෙන් අඩුය. භාවිතයට පහසුය. ආර්ඩුයිනෝ උනෝ හි ඇති පින් හා බොහෝසෙයින් සාමානය. මෙයත් පහසුවෙන් ඔබගේ ව්‍යාපෘති වලට යොදා ගත හැකිය |
![]() මෙහි පින් ගොඩක් පවතී. එම නිසා ආදාන ප්‍රතිදාන ගොඩාක් සමග වැඩ කිරීමේ හැකියාව ලැබේ. එවැනි ව්‍යාපෘති සදහා මනාව ගැලපේ. ඒ වගේම දත්ත ගබඩා කිරිමේ හැකිවයාද මෙහි තරමක් වැඩිය. |
|
![]() ARDUINO DUE ආර්ඩුයිනෝ මෙගා බෝර්ඩ් එකට බොහෝ සෙයින් සමාන වුනත් මෙහි වේගය, ගබඩා ධාරිතාව, මතක ශක්තිය ඉහත බෝර්ඩ් සියල්ලටම වඩා වැඩිය. මෙය 3.3v වලින් වැඩ කරයි. |
මෙම පාඩම් වලදී බහුලව භාවිතා කරන ලද බෝර්ඩ් එක වන ආර්ඩුයිනෝ UNO R3 වේ, එහි සම්පූර්ණ රූපසටහනක් පහත දැක්වේ.
දැන් අපි එකින් එක කොටස් වලින් මොනවද වෙන්නේ කියලා හොයලා බලමු.
- මොඩියුල, විවිධ සංරචක සහ සංවේදක භාවිතා කර සිග්නල් ආදාන කිරීමට Digital I/O ports භාවිතා කරයි. ඒවා D0 ඉදලා D13 දක්වා නම් කර තිබෙන ආකාරය දැකගත හැකියි.
- පරිගණකය හා සම්බන්ධ කර කේත අප්ලෝඩ් කිරීමට හා බෝර්ඩ් එකට විදුලි බලය ලබා දීමට USB interface එක භාවිතා කරයි.
- LED L එක ඩිජිටල් I/O පින් 13 සමග සම්බන්ධ වේ. (D13).
- LED TX, RX මගින් සිරියල් ආකාරයට දත්ත හුවමාරු කරන අවස්ථාවන් පෙන්නුම් කිරීම දැක්වේ.
- පිටතින් බෝර්ඩ් එකට විදුලි බලය ලබා දීමට DC interface එක භාවිතා වේ.
- ඉලෙක්ට්‍රොනික සංරචක සහ මොඩියුල වලට විදුලි බලය ලබාදීමට Power ports එක භාවිතා වේ.
- ඇනලොග් සිග්නල් ගණනය කිරීම් හා ලබා ගැනීමට එනම් ආදානය කිරිමට Analog I/O ports භාවිතා වේ.
- LED ON එක මගින් බොර්ඩ් එකට විදුලි බලය ලැබී තිබේදැයි දැක්වේ.
මීට අමතරව ඔබගේ ව්‍යාපෘති වලට ඔබගේ අවශ්‍යතාව අනුව ආර්ඩුයිනෝ MICRO, ආර්ඩුයිනෝ NANO, ආර්ඩුයිනෝ MEGA, ආර්ඩුයිනෝ DUE, බෝර්ඩ් යොදා ගැනිමේ හැකියාව තිබේ.