arduino.cc වෙබ් අඩවියේ සොෆ්ට්වෙයාර් පිටුව වෙත ගියාම පහත ආකාරයට දක්නට ලැබේ. මෙහි ආකාර තුනෙන් දෙකක් දැක්වේ. ඔබට මෙම ලින්ක් එකෙන් එම පිටුව වෙත පිවිසිය හැකියි. https://www.arduino.cc/en/Main/Software
- Online Arduino IDE (Online භාවිතා කරන්න පුළුවන්)
- Arduino IDE ( ඩවුන්ලෝඩ් කරලා භාවිතා කරන්න පුළුවන්)
- Arduino Pro IDE (ඩවුන්ලෝඩ් කරලා භාවිතා කරන්න පුළුවන්)
දැන් අපි ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක ගැන සොයා බලමු. මෙහි සොෆ්ට්වෙයාර් දෙකක් දැක්වුනත් Arduino Pro IDE එක තවමත් නිර්මාණය කරමින් පවති. එම නිසා අපි සුපුරුදු Arduino IDE එක ගැන විමසා බලමු.
ආර්ඩුයිනෝ IDE එක භාවිතා කර නිර්මාණය කරන ප්රෝග්රෑම් වැඩසටහන් sketches කියලා හදුන්වනු ලබයි. මෙම sketches කේතනය කිරීමට නෝට්පැඩ් වැනි text editor එකක් උනත් භාවිතා කළ හැකියි. එම sketches එකක් සේව් කිරීමේදී file extension එක විදියට .ino ලෙස භාවිතා කල යුතුයි. නමුත් කේතනය කිරීම පහසුවෙන් කරගැනීමට ආර්ඩුයිනෝ IDE එකේ ඔබට cutting/pasting/searching/replacing වගේ විශේෂාංග භාවිතා කරන්න පුළුවන්.
message area එකේ ඔබගේ ප්රෝග්රෑම් එකේ දෝෂ. feedbacks සහ tips වැනි දේවල් පෙන්නුම් කරයි. ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් (IDE), එකේ Console ලෙස දැක්වෙන එකේ සම්පූර්ණ දෝෂ පණිවිඩ විස්තරයක් විදියට දර්ශනය වේ. ආර්ඩුයිනෝ IDE එකේ පහළ දකුණු කෙලවරේ ඔබ භාවිතා කිරීමට පරිගණකයට සම්බන්ධ කර ඇති බෝර්ඩ් එක සහ serial port එක කුමක්ද යන්න දැකගන්න පුළුවන්.
ටූල් බාර් එකේ ඇති බටන් වලින් ඔබගේ sketches එකේ කේත නිවරදිදැයි පරික්ෂා කිරීම, අප්ලෝඩ් කිරීම, කලින් කරන ලද sketch එකක් open කිරිම, සහ සේව් කිරීම, serial monitor එක විවෘත කර ගැනීම. වැනි දේ සිදුකරගන්න පුළුවන්.
![]() |
Verify
කේත Compile කර එකේ දෝෂ තිබේ දැයි පරීක්ෂා කිරීමට මෙය භාවිතා කරයි. |
![]() |
Upload
ඔබගේ කේත Compile කර බෝර්ඩ් එකට අප්ලෝඩ් කිරීමට භාවිතා කරයි.. |
![]() |
New
නව ප්රෝග්රෑම් එකක් කේතනය කිරීමට sketch එකක් ලබා ගන්න භාවිතා කරයි. |
![]() |
Open
කලින් කේතනය කරන ලද sketch එකක් නැවතත් විවෘත කර ගැනීමට භාවිතා කරයි. |
![]() |
Save
ඔබ කරන ලද sketch එක සේව් කරගන්න මෙය භාවිතා කරයි. |
![]() |
Serial Monitor
serial monitor එක විවෘත කරගැනීමට භාවිතා කරයි. |
තවත් අමතර commands රැසක් ඔබගේ ආර්ඩුයිනෝ IDE එකේ දැකගන්න පුළුවන්. එහි menus 5ක් දැකගන්න පුළුවන්. File, Edit, Sketch, Tools, Help. මෙම menu වල අඩංගු දේවල් සමග වැඩ කරන ආකාරය ඉදිරි පාඩම් වලදී ඔබට මානව අවබෝධ කර ගත හැකියි.