Arduino.CC වෙබ් අඩවියේ සොෆ්ට්වෙයාර් පිටුව වෙත පිවිසුන විට ඔබට පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන්. එහිදී ඔබට ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන පිටපත තෝරාගෙන ඩවුන්ලෝඩ් කරගත හැකියි. වින්ඩෝස්, ලිනක්ස්, මැක්ඕස් වලට ගැලපෙන සංස්කරණ මෙහි දක්වා තිබේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා මෙහි දැක්වෙන Windows Installer කියන එක ඔබට භාවිතා කරන්න පුළුවන්.
දැන් එය ඩවුන්ලොඩ් කර ගැනිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න.
Download arduino IDE : https://www.arduino.cc/en/Main/Software
මෙහෙයුම් පද්ධතියට අදාල ගොනුව මත ක්ලික් කිරීමෙන් පසු පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස්වේ. එහි JUST DOWNLOAD ක්ලික් කරන්න
ඩවුන්ලෝඩ් ක්ලික් කිරීමෙන් පස්සේ ඔබට පහත ආකාරයේ ෆයිල් එකක් ඔබේ ඩවුන්ලෝඩ් වේ. දැන් එය රන් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කළ හැකියි.
දැන් පහත ආකාරයේ windows එකක් දැකගන්න පුළුවන් වේවි. එහි I Agree ක්ලික් කර ඉදිරියට යන්න
එහි සියලුම දේවල් සිලෙක්ට් කර NEXT ක්ලික් කර ඉදිරියට යන්න.
දැන් INSTALL ක්ලික් කරන්න
ඉන්ස්ටෝල් වීම අතරතුර ඔබට පහත ආකාරයේ popup වින්ඩෝ එකක් දිස්වේ නම් එහි Install ක්ලික් කරන්න. එමගින් ඔබගේ පරිගණකය හා ආර්ඩුයිනෝ IDE එක සම්බන්ධ කෙරෙන USB Drivers පරිගණකට ඉන්ස්ටෝල් වේ.
දැන් ඔබගේ පරිගණකට ආර්ඩුයිනෝ IDE එක සාර්ථකව ඉන්ස්ටෝල් වී අවසන්. පහත දැක්වෙන වින්ඩෝ එකේ Close ක්ලික් ඉවත් වෙන්න.
දැන් ඔබට එය ඔබගේ පරිගණකයේදී ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්න පුළුවන්. ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක මත ඇති ඇයිකනය ක්ලික් කර ඒ වෙත පිවිසෙන්න පුළුවන්.
Arduino IDE 2.0
2019 ඔක්තෝබර් 18 වන දින Arduino IDE 2.0 (ඇල්ෆා පෙරදසුන) වර්ෂන් එක නිකුත් කරන ලදී. පද්ධතිය තවමත් Arduino CLI (Command Line Interface) එක භාවිතා කරයි, නමුත් වැඩිදියුණු කිරීම් වලට වඩා වෘත්තීය සංවර්ධන පරිසරයක්, ස්වයං සම්පුර්ණ කිරීමේ සහාය සහ Git ඒකාබද්ධ කිරීම මෙහි ඇතුළත් වේ. මෙය නිර්මාණයට පදනම් වී ඇත්තේ Eclipse Theia Open Source IDE මත ය. ඇල්ෆා නිකුතුවේ ඇති ප්රධාන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
- Modern, fully featured development environment
- Dual Mode, Classic Mode (identical to the Classic Arduino IDE) and Pro Mode (File System view)
- New Board Manager
- New Library Manager
- Board List
- Basic Auto-Completion (Arm targets only)
- Git Integration
- Serial Monitor
- Dark Mode
පහත ලින්ක් එක භාවිතයෙන් මෙහි දැනට ලබා දී ඇති පරීක්ෂණ මට්ටමෙ පවතින වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. https://github.com/arduino/arduino-pro-ide/releases